දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පසුගිය 4 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අදාළ අපරාධය සදහා යොදාගත් යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ මෙම සැකකරු බවයි පොලිසීය පැවසුවේ.

ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.