“ශ්‍රී ලාංකික දිනය” ජාතික වැඩසටහන එළඹෙන දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ නගරයේදී පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිවි පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.