සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා දුෂණ චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නො කරමින් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව කොකුන් ගබඩා (තාවකාලික ගබඩා) 50 ක් ආනයනය කිරීම මගින් සංස්ථාවට එනම් රජයට රු. 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශව වෙත සලසාදීම යන චෝදනාව මතයි

සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා 2025.10.31 වන දින පෙ.ව. 8.30 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.