Published
කටුනායක, දුම්රියපොල පාරේ නිවසක සිදුකළ වැටලීමකදී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් හමුදාවෙන් ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්.
එහිදී විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 156ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එමෙන්ම මෝටර් රථයක්ද සොයාගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ භාණ්ඩ තොගය සීදූව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.



