Published
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සම්බන්ධතාව පැවැත්වූ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මෙලෙස සම්බන්ධතා පවත්වා ඇතැයි සැක කෙරෙන්නේ මේ වන විට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලද පුද්ගලයකු සමඟයි.
බන්ධනාගාරගත මෙම රැඳවුවා සන්තකයේ තිබූ ජංගම දුරකථනයක් මීට පෙර සොයාගනු ලැබ තිබුණා.
දත්ත පරීක්ෂා කිරීමේදී නිරීක්‍ෂණය වී ඇත්තේ එලෙස සොයාගත් ජංගම දුරකථනයෙන් ඇමතුම් පනහකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සමග සිදුව ඇති බවයි.
ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.
;




