වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග වැනි ඉකුත් සමයේ සිදුවූ ආන්දෝලනයට තුඩුදුන් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සත්‍ය හෙලි කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව එසේ නොකලහොත් තමන් විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.