හිටපු කථානායක අශෝක රන්වල මහතා පැදවූූ ජීප් රථය සහ කාන්තාවක් පැදවූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් හිටපු කතානායකවරයා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.
තුවාල ලැබූවන් අතර මාස හයක කුඩා දරුවෙකු හා කාන්තාවන් දෙදෙනකුද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
සපුගස්කන්ධ පොලිස් වසමේ මාවර මණ්ඩිය ඩෙනිමුල්ල ප්‍රදේශයේදී, ජීප් රථය සහ මෝටර් රථය මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබෙනවා.
තුවාල ලද හිටපු කතානායකවරයා කොළඹ ජාතික රෝහලටත් වයස අවුරුදු හයක කුඩා දරුවා කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලටත් මෝටර් රථය පැදවූ කාන්තාව සහ ඇයගේ මව කිරිබත්ගොඩ රෝහල වෙතත් ඇතුලත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.
අනතුරට සම්බන්ධ ජීප් රථය සහ මරුටි රථය මෙන්ම යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර යතුරුපැදිය බේරීමට ගොස් මෙම අනතුර සිදු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සදහාන් වන්නේ.
මේ පිලිබදව වැඩිදුර විමර්ශන සපුගස්කන්ධ පොලිසිය විසින් පවත්වනු ලබනවා.




