ග්‍රැන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදීයි.

ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 280 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.