මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳ දැනුම ඇති ඇතැම් පුද්ගලයින් නීති විරෝධී කටයුතු සඳහා සිය දැනුම භාවිත කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව මෙරට පිරමීඩ ජාවාරම් සිදු කරනු ලබන්නේද එවැනි පුද්ගලයින් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර රට තුළ පිරමීඩ ජාවාරම් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පැවසුවේ මෙවැනි ජාවරම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් ජනතාව මෙවැනි ව්‍යාපාරවලට තවදුරටත් ගොදුරු වුවහොත් පිරමීඩ ජාවාරම ශ්‍රී ලංකාවේ වසංගතයක් බවට පත්වනු ඇති බවද නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියා.