2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක් රැස් කිරීමට හැකිවී තිබෙනවා.
ඒ අනුව වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.
2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කර සිටියා.
කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවු බවයි.




