කාවන්තිස්ස හස්තියා මිය ගිය පසුවද දිගින් දිගටම වන අලි ඝාතනය කරමින් ඇතැයි පරිසර විද්යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනවා.
මෙය ජාවාරමක් විය හැකි බවටයි ඇය සැක පල කරන්නේ.
පරිසර විද්යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.
ප්රශ්නය : අදත් කතාව කාවන්තිස්ස ගැන. මේ ගැන අපි දිගටම කතා කරන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් අපිට හඬක් නැගීමට ඉඩක් තිබෙන නිසා. කාවන්තිස්ස හස්තියා මිය ගියා. හැබැයි හේතුව අනාවරණය වුණේ නැහැ. කෝ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව?
පිළිතුර : තාමත් දුන්නේ නැහැ. නඩුව තිබුණා, ඒත් නැහැ.
ප්රශ්නය: මෙච්චර කල් සාමාන්යයෙන් යනවාද හස්තියෙක්ගේ හෝ කාගේ හෝ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ගන්න?
පිළිතුර : කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැ.
ප්රශ්නය: ඇයි මෙච්චර කල් යන්නේ? මොකක්ද හේතුව?
පිළිතුර : මම විශ්වාස කරනවා තමන්ට කැමති විදියට මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරන්න ඕන වුණාම මෙහෙම කාලය ගන්නවා.
ප්රශ්නය: ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ මේකේ යම්කිසි ගැටලුවක්, වංචාවක්, ප්රශ්නයක්...
පිළිතුර : අපි දන්නවානේ මේක මැරුවක් කියන එක. මේක මැරුණා නෙමෙයි, මැරුවා. ඒ නිසයි මෙච්චර කාලයක් යන්නේ.
ප්රශ්නය: ඒ කියන්නේ චෝදනා එල්ල කරන්නේ වෙඩි තියපු අයටද, නැත්නම් තුවාල වෙලා වැටිලා ඉද්දී හරියට ප්රතිකාර නොකරපු අයටද?
පිළිතුර : තුවක්කු දුන්න අයට, තුවක්කු පාවිච්චි කරපු අයට, ප්රතිකාර කරපු අයට, ඒ වගේම විශේෂයෙන්ම සමස්තයක් විදියට ගත්තාම වනජීවී අධ්යක්ෂ ජෙනරාල් වැනි තනතුරු දරන කිසිම දෙයක් නොකර අලි මැරෙන්න අරින අයට.
ප්රශ්නය : කාවන්තිස්සගේ මරණයෙන් පස්සෙත් තාමත් අලි මැරෙනවාද?
පිළිතුර : ඔවු.
ප්රශ්නය : හේතුව මොකක්ද?
පිළිතුර : හේතුව මම විශ්වාස කරනවා මේක කුමන්ත්රණයක් කියලා.
ප්රශ්නය : අලි මැරෙන එකද, මරණ එකද?
පිළිතුර : අලි මරන්න කොන්ත්රාත්තුවක් ලැබිලා ඇති.
ප්රශ්නය : කාගෙන්ද, කොහොමද, ඇයි?
පිළිතුර : කොන්ත්රාත්තු එන්නේ එක්කෝ ඒ කැලෑබද ප්රදේශවල ව්යාපෘති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයගෙන්, එහෙම නැත්නම් ඇත්දල, අලින්ගේ මස්, මෙවැනි දේවල් අරගෙන විකුණන්න පුළුවන් අය. මම තදින්ම විශ්වාස කරනවා මෙච්චර ප්රමාණයක් අලි මැරෙන්නේ අනිවාර්යයෙන්ම කොන්ත්රාත්තුවක් කියලා.
ප්රශ්නය : දැන් මෙහෙම දිගින් දිගටම, දිගින් දිගටම මැරිලා ලංකාවේ දැන් අලි කීයක් විතර ඉන්නවා කියලාද ඔබගේ අදහස තියෙන්නේ?
පිළිතුර : 7,400 ගාණක් තමා සංගණන වාර්තාවක් තියෙනවා. හැබැයි කවදා කරපු සංගණනයක්ද, කොහොමද කරගත්තේ කියලා මම දන්නේ නැහැ. නමුත් මේක තමා අපිට දන්න දේ, ඒක තමා 7,450ත් 7,500ත් අතර ප්රමාණයක්.
ප්රශ්නය : ඔය අතරේ දල ඇතුන් කීයක් ඉන්නවා කියලාද හිතන්නේ?
පිළිතුර : 7%යි. 7%යි ලංකාවේ ඉන්නේ. ඒ කෙනුත් කාවන්තිස්ස තමයි ලොකුම ඇතා... උසම ඇතා.
ප්රශ්නය : උසම ඇතා, ලෝකයේ හිටපු උසම ඇතා...
පිළිතුර : උසම ඇතා. දැන් කාවන්තිස්ස. ඉතින් කාවන්තිස්ස මරාගත්තාට පස්සේ දැන් ඉන්දියාවේ තමා උසම ඇතා ඉන්නේ.




