Published
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා සහකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරිණියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.



