ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය රැසක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ කොටුව සිට බදුල්ල, මහනුවර සහ මාතලේ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් එලෙස අවලංගු කර තිබෙනවා.