මෙරට දේශපාලන දිශානතිය නව මානයකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී අදට වසරක් සපිරෙනවා. 2024 වසරේ සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2024 වසරේ සැප්තැම්බර් මස 23වනදායි. අපේක්‍ෂකයින් 38 දෙනෙකු තරඟවැදුණු 2024 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ වඩාත් තරඟකාරීම මැතිවරණය ලෙසද ඉතිහාසයට එක්වුණා. නව යුගයක ඇරඹුම සනිටුහන් කරමින් ඇරඹුණු දේශපාලන පරිඡේදය වසරක ගමන්මග මෙරට ආර්ථිකය ස්ථාවර කළ වසරක් ලෙස හඳුන්වා දිය හැකි බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් සෑම අංශයකින්ම පොහොසත් රටක් සහ සියලු ජන කොටස්වලට ලස්සන ජීවිතයක් උරුම කර දිම වත්මන් ආණ්ඩුවේ අරමුණ වන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී කියා සිටියා.