Published
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.
වැරදිකරුවන්ට මෙන්ම අපරාධකරුවන්ට සිය පක්ෂයේ කිසිදු අවස්ථාවක් නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.
චරිත් අබේසිංහ මහතා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි.




