Published
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරනු ලබන පුද්ගලයාගේ විනය විරොධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම සංකේතාත්මක වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
වර්ජනය ක්‍රියාත්මක කාලය තුළ බිඳවැටෙන සේවා පිළිබඳවද ඔහු අදහස් පළ කළා.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද උදෑසන 08 සිට ආරමභ කළ මෙම වර්ජනය දිවයින පුරා රෝහල් 140ක ක්‍රියාත්මකයි.




