Published
වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ ගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා
නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටියේ වී වගා කටයුතු මේ වන විට ආරම්භක අවධියේ පැවතීම හේතුවෙන් පැවති වර්ෂාපතන තත්ත්වයෙන් වී වගා හානි වාර්තා වී නොමැති බවයි.
කෙසේවෙතත් මණ්ඩලයේ නිලධාරීන් තවදුරටත් ගොවි ජනතාව හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් සිටින බව කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටියේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ එම නිවේදනය පහතින්.





