ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකව සිටි සැකකරුවෙකු හතරලියද්ද, වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු එම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදී ගත් අවස්ථාවේදීයි.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු තුනක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සොයාගත් බවයි හතරලියද්ද පොලීසිය පැවසුවේ.

එමෙන්ම සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 5,000, 500, 100 සහ 50 නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි 23ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, උඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු එම අවස්ථාවේ අදාල ආයතනයේ නොසිටි බවයි පොලීසිය පැවසුවේ.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හතරලියද්ද පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.