කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය මගින් සංවිධානය කරන අන්තර් පාඨශාලීය ත්‍රෛ භාෂා "නින්නාද" මාධ්‍ය දිනට වසර 20ක් සපිරෙනවා

ඒ වෙනුවෙන් නොවැම්බර් මස 7 වනදා අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයට අංකුර මාධ්‍යවේදීන් සොයා ගනු වස් ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය මගින් සංවිධානය කරන අන්තර් පාඨශාලීය ත්‍රෛ භාෂා මාධ්‍ය දින තරගාවලිය දශක දෙකක් පුරාවට අභිමානවත් සන්ධිස්ථානයක් පිහිටුවා තිබෙනවා.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සංවිධානය කෙරෙන තරගාවලිය මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.