ස්වභාවික විපත් හේතුවෙන් සිදු වූ විපත් හා හදිසි ආපදා තත්ත්වයන් කලමනාකරණය කිරීම, නැවත යථා තත්ත්වයට ගැනීමට හෝ පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයකට ගැනීමට යන ත්‍රිවිධ ක්‍රියාවලියේ වගකීම ආණ්ඩුව සතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ ප්රකාශයේදීයි.
පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින්, වේගවත්, කාර්යක්ෂම, යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් හදිසි නීතිය පැන වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
මෙම හදිසි නීතිය, ආපදා කළමනාකරණයට ලක්කර ගැනීම සහ කාර්යක්ෂමව රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගැනීම සඳහා පමණක් යොදා ගන්නා බවත්, වෙනත් කිසිඳු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් උපයෝගී කර නොගන්නා බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
ආපදා තත්ත්වය යථා තත්ත්වය පත්කර ගැනීමට 2025 අයවැය ලේඛනයෙන් වෙන් කොට තිබෙන මුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා නව ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
නියත වශයෙන්ම පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනංවන බවද ජනාධිපතිවරයා ජාතිය අමතමින් අවධාරණය කළා.




