හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ විදුහල්පතිවරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු එප්පාවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී
එම වැටලීමේදී එප්පාවල - ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ එප්පාවල කටියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ඇතුළු තවත් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවට ද පොලීසිය සඳහන් කර සිටියේ.
එම මන්ත්‍රීවරිය වත්මන් ආණ්ඩුවේ ප්‍රභල කාන්තා දේශපාලඥයකු සමඟ සම්බන්ධතා ඇති අයකු බවත්, ඒ හේතුවෙන් දීර්ඝ කාළයක් එප්පාවල පදිංචිව සිටි ඇයට පෑලියගොඩ වූ තම උපන් ගමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇති බවද පොලීසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ මන්ත්‍රීවරයිද වැටලීම සිදු කළ අවස්ථාවේ අදාළ හෝටලය පිහිටි ඉඩමේ නිවසේ රැදී සිට ඇති අතර, ඇය අනුරාධපුර මූලස්ථාන පොලීසියට රැගෙන ගියද ඇය මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැත.
ඇයගේ පෑලියගොඩ පිහිටි නිවසද පෑළියගොඩ පොලීසිය විසින් පරික්ෂාවට ලක් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙම සැකකරුවන් එම ප්‍රදේශයම පදිංචි අවුරුදු 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් බව පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
මෙම සැකකරුවන් දෙදෙනා සමඟ අත් අඩඟුවට ගත් මත්ද්‍රව්‍ය හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.ෙ




