Published
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හතර වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.
පසුගිය දින තුනේදී මෙන්ම අද පෙරවරුවේ සිටද පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා.
මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.
එමෙන්ම දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා. එහිදී දරුවන් කිහිප දෙනෙකු සිය දක්ෂතා මෙලෙස එළි දැක්වූවා.
ඔක්තෝබර් 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා.




