මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වඩාත්ම පෙරළිකාර කණ්ඩායමක් වන මොරක්කෝව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම ලබාගත්තා.
දැන් ඔවුන් හොඳම කණ්ඩායම් අට අතර.
මොරොක්කෝව මෙලෙස අර්ධඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ඊයේ පැවති සුපිරි 16 වටයේ තරගයකදී තරගාවලියේ සම සත්කාරකත්වය දරන කැනඩාව පරාජය කරමින්.
පෙර තරගයට මුහුණ දීමෙන් පසු මෙම තරගය සඳහා සූදානම් වීමට මොරොක්කෝ ක්‍රීඩකයන්ට ලැබී තිබුණේ කැනඩාවට වඩා අඩු කාලයක්.
මෙය තරගයේ මුල් කොටසේදී මොරොක්කෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වලට නරක බලපෑමක් කරන ලද බව විචාරක අදහසයි.
මුල් විනාඩි කීපයේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ප්‍රමාණවත් සුසංයෝගයක් පැවතියේ නැහැ.
තරගය අතරතුර 40 වන මිනිත්තුවේදී පිටිය මැද නොසන්සුන් තත්ත්වයක්ද ඇති වුණා.
මෙය මොරොක්කෝ නායක හකීමි සහ කැනඩා පසුපෙළ ක්‍රීඩක රිචී ලැරියා අතර ගැටුමක් දක්වා ද දුර දෙක ගිය අතර ඒ අනුව විනිසුරුවරයා ඔවුන් දෙදෙනාටම කහ කාඩ්පත් නිකුත් කිරීමට ද පියවර ගත්තා.
කෙසේ වෙතත්, තරඟය මැද භාගයවද්දී එහි අණසක තමන් නතුකර ගැනීමට මොරක්කෝව සමත් වූ අතර කැනඩා ක්‍රිඩකයන්ට පීඩනයෙන් නිදහස් වීමට එතැන් සිට ඔවුන් කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.
ලෝක කුසලාන ඉතිහාසයේ මොරොක්කෝව හමුවේ කැනඩාව පිට පිට පරාජය වූ දෙවැනි අවස්ථාවද මෙය වනවා.
මෙම පරාජයත් සමග කැනඩාව තරඟාවලියෙන් ඉවත්ව යන අතර මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයේ දී ලබන බ්‍රහස්පතින්දා ප්‍රංශය සමග තරග වැදීමට නියමිතයි.
පැරගුවේ කණ්ඩායමෙන් එල්ල වූ දැඩි අභියෝගය හමුවේ, අසීරු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ලොකු කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා හිදීයී. එහි අවසන් ප්‍රතිඵලය ගෝල 1 ට 0 ක් ලෙස සටහන් වුණා.
තරඟයේ පැවති ෆිලඩෙල්ෆියා හි ඊයේ පැවතියේ ඉතා ඉහළ උෂ්ණත්වයක්. ක්‍රීඩාංගනය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක්ද ඉක්මවා තිබුණ බව අපි දෙස් මාධ්‍ය පවසනවා. එවැනි දැඩි උෂ්ණත්වයක් යටතේ යි තරගය ක්‍රීඩා කිරීමට ප්‍රංශ සහ පැරැගුවේ ක්‍රීඩකයන්ට සිදුවුණේ.
පළමු අර්ධයේදි කිසිදු කණ්ඩායමක් ගෝල ලබා ගත්තේ නැහැ. දෙවන අර්ධයේදී වීඩියෝ සහයක විනිසුරු හෙවත් VAR තාක්ෂණයේ සහය ඇතිව විනිසුරුවරයා ලබාදුන් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ප්‍රංශ කණ්ඩායමෙහි නායකයා ද වන කිලියන් එම්බාපේ ජයග්‍රාහී ගෝලය ලබාගත්.
මෙම ගෝලයත් සමඟ එම්බාපේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලබාගෙන ඇති මුළු ගෝල සංඛ්‍යාව 19ක්. ඒ අනුව, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වන ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසීට වඩා ඔහු පසුපසින් සිටින්නේ තවත් එක ගෝලයකින් පමණයි. මෙසී දැනට ගෝල 20 ක් ලබාගෙන පෙරමුණේ පසුවනවා.
එසේ තිබියදී ප්‍රංශය හමුවේ ලද පරාජයත් සමඟ පැරගුවේ කණ්ඩායම දැන් තරගාවලියෙන් ඉවත්ව යනවා. ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායම එළඹෙන බ්‍රහස්පතින්දා බොස්ටන් නුවරදී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයකදී මොරොක්කෝ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.




