ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් පාරිස් නැමැති සැකකරු විසින් මෙම ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝග ලබාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා නියෝග කළ අතර ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.