ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබෙස්තියන් ලුකෝර්නු සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලුකෝර්නු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මීට පෙර ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ෆ්‍රැන්කොයිස් බයිරූට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වීමෙන් පසු ඔහුට අගමැති ධුරය අහිමි වුණා. එලෙස පුරප්පාඩු වූ ප්‍රංශ අගමැති ධුරයට පත්වූ සෙබස්තියන් ලුකෝර්නු එම ධුරයට පත්වී දින 26කින් ධුරයෙන් ඉල්ලා අස්වීම විශේෂිත සිදුවීමක්. නව කැබිනට් මණ්ඩලය නම් කර පැයකට පමණ පසු ඔහු සිය ඉල්ලා අස්වීමේ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති අතර පාලක පක්ෂයේ පවතින දේශපාලන අස්ථාවරත්වය ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 2022 වසරෙන් පසු ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් වූ 06 වන අවස්ථාව මෙය වීම විශේෂිත සිදුවීමක්.