Published
                
                 
                
            බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථ විකිණීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.
සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 14ක් විකිණීම සඳහා එලෙස ටෙන්ඩර් කැඳවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව ලංසු ඉදිරිපත් කළ සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රුපියල් 5,000ක මුදලක් ගෙවා බලශක්ති අමාත්‍යංශයෙන් ඊට අදාළ අයදුම්පත් ලබාගත හැකියි.
අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 ලිපිනයේදී අදාළ වාහන පරික්ෂා කර බැලිය හැකි බවද බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළා.




