මීගමුව බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කෙරුණු රැඳවියෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ එම රැඳවියා අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී  එලෙස මියගොස්  ඇති බවයි.

 

මේ අතර සියලු බන්ධනාගාරවල උසස් නිලධාරීන් කොළඹට අද කැදවා තිබෙනවා.

ඒ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සහ තවත් විශේෂ කරුණු කිහිපයක් පිලිබද සාකච්ඡා කිරීම සදහායි.