ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගම පවසයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස මිල ගණන් පහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ.
ඒ, කෑම පාර්සලයක් (බත්) රුපියල් 15කින්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්, කෙටි ආහාර රුපියල් 5කින් පරාටා රුපියල් 5කින්, බිත්තර රොටියක් රුපියල් 5කින්.
එමෙන්ම කිරි තේ එකක් රුපියල් 5කින් සහ ප්ලේන්ටී එකක් රුපියල් 5කින් අඩු කරන බවද ඔහු පැවසුවා.
ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් පහත දැමුණා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 4,465ක් විය.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 835ක් දක්වා පහත දැමුණා.
මේ අතර ලාෆ්ස් ගෑස් මිලද පහළ දමන බවයි එම සමාගම පැවසුවේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988ක්.




