ආපදාවට පත් ප්‍රදේශවල සිටින දරුවන්ට යළි පාසල් ආරම්භයේදී පාසල වෙත යාමට නිල ඇඳුම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලවලටද ඇඳුම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බවයි.
ආපදාවට පත්ව සිටින ප්‍රදේශවල සිටින දරුවන්ට තමන්ට ආසන්න ඕනෑම පාසලකට ගොස් ඉගෙන ගැනීමටද පහසුකම් සලසා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ.
මෙතෙක් ක්‍රියාත්මක වූ පෝෂණ වැඩසටහනද ලබන 16වනදා සිට යළි ක්‍රියාත්මක කරන බවත් එය තවදුරටත් පුළුල් කළ හැකිදැයි සොයා බලමින් සිටින බවත් ලේකම්වරයා සඳහන් කළා.
ආපදා තත්ත්වයෙන් පසු තුන්වන වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා පාසල් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් මෙහිදී විවෘත වනු ඇති. කෙසේවෙතත් පළාත් 3කට අයත් පාසල් 147ක් තවමත් විවෘත කිරීමට නොහැකි තත්ත්වයේ පවතිනවා.




