මෙරට අපනයන වෙළඳාමේ විශාලතම පංගුකරුවා ලෙස තවදුරටත් පළමු ස්ථානයේ රැඳී සිටීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් වී සිටිනවා.
2025 වසරේ ගතවූ මාස 11ක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ අමෙරිකාව මිලදී ගෙන ඇති භාණඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,734ක්.
පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පැනවූ නව තීරුබදු හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්රය යම් අභියෝගයකට මුහුණ දුන්නද එම තත්ත්වයන්ට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දී ඇති බව ඉන් පැහැදිලි වන බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා.
මෙරට අපනයන ගැනුම්කරුවන් අතර, මෙතෙක් තුන්වන ස්ථානයේ රැඳී සිටි ඉන්දියාව මෙම වසරේදී දෙවන ස්ථානයට පත්ව ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවා.
මෙම වසරේ නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 15,766ක අපනයන ආදායමක් උපයා තිබෙනවා.
පසුගිය නොවැම්බර් මාසයේදී පමණයක් අමෙරිකානු ඩොලර් 1,364ක අපනයන ආදායමක් උපයා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.8ක වර්ධනයක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ.




