ආපදා තත්ත්වයෙන් පසු තුන්වන වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා පාසල් ආරම්භ කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දෙසැම්බර් 16 වනදා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට නියමිත බවයි.
කෙසේවෙතත් පළාත් 3කට අයත් පාසල් 147ක් තවමත් විවෘත කිරීමට නොහැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ.
දෙසැම්බර් 16 වනදා ආරම්භ වන පාසල්වල නිවාඩු දින සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇති සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව පවත්වන බවයි.
වාර විභාග සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
මේ අතර පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙලක් රජය විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි.




