Published
වාද්දුව ප්රදේශයේ ප්රසිද්ධ පෞද්ගලික බැංකුවක ATM යන්ත්රයකින් මුදල් ලබා ගැනීමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගුවන් හමුදා සෙබළෙකුට පහරදිමක් සිදුකර තිබෙනවා.
එම ATM යන්ත්රයෙන් මුදල් ලබා ගැනීමට අදාළ ගුවන් හමුදා සෙබළා පෝළිමේ රැදී සිටියදී සැකකාර තරුණයින් දෙදෙනා පෝලිමට පිටතින් පැමිණ මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඊට විරුද්ධ වූ ගුවන් හමුදා සෙබළාට තරුණයින් දෙදෙනා පහරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළා වාද්දුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව සැකකාර තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා වාද්දූව පොලීසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.




