හෙඳ නිලධාරින්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රජයේ සෞඛ්‍ය සේවයට අදාල තනතුරුවල නිල ඇඳුම් සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ කමිටුවකින් පමණක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය අදයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ වැය ශීර්ෂය මෙන්ම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.