ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් අද සහ හෙට දිනයේදී කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයන් රජයට දැනෙන අයුරින් සිදු කිරීමට සැලසුම් කළ බවයි.
යම් හෙයකින් හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් ජනතාවට ඉන් බලපෑමක් සිදුවේදැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.
කෙසේවෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය තීරණය කළේ ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින් බවයි.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසුවේ අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වැසීමක් හෝ අනෙකුත් කිසිදු ක්‍රියාවලීන් සඳහා බාධා සිදු කිරීමක් සිදු නොකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.




