Published
                
                 
                
            සහල් අර්බුදය, මෙරට ජනතාවට නුහුරු නුපුරුදු මාතෘකාවක් නොවෙයි.
වරින් වර සහල් හිඟ වීම, මිල ඉහළ යාම, නිෂ්පාදනයට ප්‍රමාණවත් වී තොග නොමැති වීම මෙන්ම සහල් තොග සඟවා ගැනීම සම්බන්ධයෙන් ද විවිධ ප්රවෘත්ති වාර්තා වනවා.
මේ වන විට මතුව ඇති අලුත්ම ගැටලුව කීරි සම්බා හිඟයයි.
පසුගිය සමයේ සම්බා සහ නාඩුවලටත් වඩා ජනප්‍රිය මෙන්ම සුලබ වූ කීරි සම්බාවලට දැන් සිදුව ඇත්තේ කුමක්ද?
මේ, රුහුණු විශ්වවිද්‍යාලයේ බෝගවිද්යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා.
මහ කන්නයේ සිදු වූ වගා හානිය ද මෙම අර්බුදයට හේතුවක්.
කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙටි්රක් ටොන් 40,000ක් ආනයනය කිරීමටයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ නිර්දේශ කළේ.
ඒ, කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කර ගනිමින්.




