ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුරෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වනවා.

ඒ, පොලිස්පතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාත භාර ලෙස පමණක් කටයුතු කරනු ඇති.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුරට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු මෙතෙක් දැරූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සජීව මැදවත්ත මහතා පත්කරනු ඇති බවටද වාර්තා වනවා.