බෞද්ධ ශාසනයට එල්ල වන විවිධ බලපෑම් සම්බන්ධයෙන් බෞද්ධ සමුළුවක් කැදවීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසනවා.
එහි සභාපති නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීතියෙන් සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
"ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට වෙච්ච අකටයුත්ත සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා, නැවත සැරයක් උන්වහන්සේ වෙතින් ලබා දී තිබූ නීතියේ සමාව නැවත ලබාදෙන්න අවශ්‍ය පරිපාලනමය කටයුතු සිද්ධ කරලා සිදුකරන්න. මේක මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා යුක්තිය හා සාධාරණය සැමට එක වෙන්න ඕනේ. සමගි වෙලා, එකමුතු වෙලා මේ ගමන යන්න අපෙත් එක්ක ඒකරාශී වෙන්න."
මෙම බෞද්ධ සමුළුව සම්බන්ධයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා ද මෙලෙස අදහස් පළ කළා.
"12 වෙනි සඳුදා හවස තුනට මේ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී 'හෙළ බඳු ශාසනයේ ඉදිරි ගමන් මඟ' යන මැයෙන් සමුළුවක් කැඳවලා තියෙනවා. පාට, පක්ෂ, දේශපාලනයෙන් තොරව බෞද්ධ මහා සම්මේලනයේ දොරටුවෙන් ඇතුළු වෙනකොට ඒ දේශපාලන පාට අමතක කරලා සම්බන්ධ වෙන්න කියලා බෞද්ධ මහා සම්මේලනයේ විදිහට ආරාධනා කරමින්, භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ චීවරය ඉවත් කරලා සමස්ත සංඝ සමාජයට, ශාසනයට අපහාස කිරීම අපි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විදිහට මහා වරදක් විදිහට දකිනවා. භික්ෂූන් වහන්සේලාට සලකන්නේ මෙහෙම නම්, ඉතාමත් නරක තැනකට මේ රට දවසින් දවස තල්ලු වෙනවා කියන කාරණාව තියෙනවා."




