ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් නුගේගොඩදී පවත්වන ජන රැළිය අද පස්වරුවේ ආරම්භ වුණා.
ඒ, විශාල ජන සහභාගීත්වයකින්.
විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව රැස්වීම පැවති නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයට පැමිණීමෙන් පසුවයි රැළියේ වැඩකටයුතු ආරම්භ වුණේ.
මේ, පැමිණ සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම රැළියට එක්ව සිටි හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රැස්ව සිටි පිරිස ඇමතුවේ මෙලෙසයි.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද පැමිණ සිටි පිරිස ඇමතුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිස ඇමතුවේ ඉන් පසුවයි.
කෙසේවෙතත් මෙම රැස්වීම සඳහා සමගි ජන බලවේගය, සර්ව ජන බගලවේගය සහ ජාතික නිදහස් පෙරමුණ සහභාගී වුණේ නැහැ.




