නුවරඑළිය දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණයෙන් පසුව, මහජනතාව වැඩිපුරම රැස්වන ප්‍රදේශ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් (04) දින නුවරඑළිය පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වි රොන්මඩ වලින් පිරී තිබූ අතර, (04) දින රාත්‍රියේ, නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතාගේ අධීක්ෂනය යටතේ නුවරඑළිය පොලිසියේ පොලිස් නිලධාරීන්, නුවරඑළිය මහ නගර සභාවේ සේවකයින් සහ ගිනි නිවන ඒකකයේ නිළධාරින් එක්ව මුළු බස් නැවතුම්පොළ සංකීර්ණය වටා සහ අවට පරිසරය පිරිසිදු කිරීම සිදු කරන ලැබුවා.