දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය කාර්ය මණ්ඩලය සහ ඇතැම් මගීන් තවදුරටත් සිරවී සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවල විදුලිය බිදවැටලීම් සහ දුරකතන අක්‍රිය වීම හේතුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

දුම්රිය සීමිත ප්‍රමාණයක් පෙරවරුවේ ධාවනය කෙරණු බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවා