ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ.

සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක්.

රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවසුවා.