වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් සිව්දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්.
ඒ අනුව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.අයි.සී. හේමපාල මහතා සාමාන්‍ය රාජකාරි සඳහා මාතලේ කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබෙනවා. අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එස්. පුෂ්පකුමාර මහතා ස්ථානමාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.එස්.බී. ගුණතිලක මහතා ස්ථානමාරු කර ඇත්තේ හිදෝගම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගල්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි. ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරි කළ පොලිස් පරික්ෂක ඒ. සේනානායක මහතා හිදෝගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.