මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබෙනවා.

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් බෙලිඅත්ත සහ මාතර සිට කොළඹ දෙසට ධාවනය වන දුම්රියන් ප්‍රමාද වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගිය 19 වනදා සිට ආපදා හේතුවෙන් දුම්රිය ධාවනය ඇණහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද අලු‍යම සිට යළි ආරම්භ වූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.