කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයකට ලක් වූ තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ ඇතුලු වූ නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් එම නිවසේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා.

පැහැරගෙන ගිය එම තරුණයින් දෙදෙනාට පාලු ප්‍රදේශයකදී වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක්.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ තැනැත්තා 27 හැවිරිදි තරුණයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශන සිදු කරනවා.