Published
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීමේ නව කොට්ඨාසයක් කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී අද පෙරවරුවේදී විවෘත විය.
ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම නව විමර්ෂන කොට්ඨාසය ස්ථාපිත කෙරෙනුයේ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විදි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහාය.
යම් කිසි අයෙකු නීති විරෝධීව යම් ආකාරයකින් මුදල් උපයා බොහෝ දේ අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ නම් මෙම පනත මගින් එය මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බවයි මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ
එමෙන්ම මෙම පනත හරහා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමද යම් ආකාරයකට මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පවසා සිටියා.




