ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද අවසන් දිනටත් ක්‍රියාත්මක වනවා.
ගත වූ දිනවල මෙන්ම අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාව මෙන්ම විවිධ සංවිධාන, “දිරිය නෙත් - නැණ සවිය” වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට එක්වුණේ මහත් උනන්දුවකින් යුතුවයි.
මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටින ඩී.එස්.අයි. ආයතනය වෙනුවෙන් එහි කලාප කළමනාකරු ජනක නන්දන මහතා මෙලෙස අදහස් පළ කළා.
කොල්ලුපිටියේ 05 වන පටුමගෙහි පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පිහිටි නෙත් එෆ් එම් මෙහෙයුම් කාර්යාලය වෙත මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම සිදු වනවා.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් සහ ඩී එස් අයි ප්‍රදර්ශනාගාරවලට දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර දිය හැකියි.




