ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම රජයේ මූලික සැලැස්මක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසය රට තුළ ඩිජිටල් සංස්කෘතියක් ඇති කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කරමින්, දැනුවත් කිරීමේ වැඩසටහන් සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඩිජිටල්කරණය කිරීමේදී පුරවැසියන් ඒ සඳහා දායකත්වය ලබාදිය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.