දඹුල්ල පොලිස් වසමේ ටයර් අළෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

දඹුල්ල ගිනි නිවීමේ ඒකකය, ප්‍රදේශවාසීන් හා සිය නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වූ බවයි පොලීසිය පැවසුවේ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.

ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.