කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර තිබෙනවා.
ඔහුගේ නම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇති බවටයි වාර්තා වන්නේ.
ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරියා වනවා.
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වෙත පැවරී ඇති වගකීම් බව සඳහන් වෙයි.
මොහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ නවතම සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර තිබෙනවා.
ඊට පෙර, ඔහු කාම්බෝජයේ නොම් පෙන් හි කොන්සල් ජනරාල්වරයා වූ අතර එහිදී ඔහු වැඩබලන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
එරික් මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා තිබෙනවා.
ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් සහ කුසලතා ගෞරව සම්මාන කිහිපයක් ලබා ඇති අතර ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසිරවීමට හැකියි.
කෙසේ වෙතත් ධවල මන්දිරය විසින් මෙම පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ජූලි චුන්ග්ගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති තනතුරට එරික් මේයර් පත්වනු ඇත.