බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව හෙට (07) දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහොත්සවය වෙනුවෙන්.

පොලීසිය පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ අනුව හෙට(07) දින සවස 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

විශේෂ රථ වාහන සැලැස්මට අදාල නිවේදනය පහතින්